Wednesday, 18 December 2013

අහිමි...

ඔබ ගිය පසු හදා ගන්න 

මගෙ අලුත්ම හිත​...

ඔහු හමුවන විටදි නැවත 

පරණ වෙලා ඇත​.... 

වළාකුලට හිතුන විටදි

වහිනවා ට මිස​...

වළාකුලෙන් ගහකට බෑ 

වැහි ඉල්ලන්නට...

ඔහුත් නැවත මට පිටුපා

අහක බලන විට​....

නැවතත් මට සිහිවෙනවා 

ඔබගේ හදවත​....

පොදක සිසිල හදමලවෙත 

නොවැටෙන යාමෙක... 

මම තවමත් තනිව ඉදිමි  

මහ කතරක් මැද... 


Thursday, 26 September 2013

ඇවිද යමි

පළා පැහැ අතු රිකිලි
අග දිලිසෙන මල් පියල
පිනි බිංදු අග සිහිලස සදන
සිනාසෙන සරත් සඳ දුටිමි මා
ඒත් ඒ ඔබ නික්ම යන්නට පෙර ....

අදත් මම ඇවිද යමි
දුම්‍ රිය නැවතුම් මාවතේ
කෙටි මග අප දෙදෙනා ගිය​
පායා ඇතත් සඳ
නොපෙනේ මට දිස්න
නොගිලුනු කඳුලක් අති නිසා ඇස් අග
අනෝරා වැසි ඇද හැලුණු මෙන්
බොඳව ඇත සඳ මට හැමදාම............

Tuesday, 24 September 2013

ඔබ තාම නොදනීද​/ ......

සීත සුලන් වැද 
සරු පොලවින් මතු උන 
ඔහේ පවනත වැනෙන 
නේක විසිතුරු මලින් සැදි 
මල් පොකුරකින් 
හමන සුලගට වඩා  

ගිනිගත් සුලි සුලන් මැද්දෙන් 
පතුරු ගැලවෙන කාශ්ටක 
පොලවේ කටු පඳුරු වල් පැල පසාරා 
අහස් ගැබ  සිපගන්න මතු උන 
පුංචි එක මලක සුවඳ  
වඩා වැඩි බව..... 

Friday, 16 August 2013

බිඳුනු හදවත

ආදරයේ මිහිරි සිහින දුටු 
මා බොලඳ සිත..
සුර ලොවේ දොරකඩම නතර කොට​
හැමු සැඩ සුළගට
වැදුනු හීතල
හද පසරු කලද

නැවත කෙදිනකවත් සුවපත් නොවන 
මා බිඳුනු හදවත.......

Monday, 12 August 2013

මට විතරද ඔයාව ඔනි

තීරනයක් ගත්තා 
තවත් නොහිතන්න ඔයා ගැන​
මට විතරද ඔයාව ඔනි
ඇයි ඔයාට මාව එපාද​
ඔනි නම් ඉක්මනට කියන්න වෙයි 
තේරුනාද​
මන් කොහොමද ඉතින් ඔයාගෙ හිත කියවන්නෙ 
තාම මට ආදරේ වත් නොකියාම​

ආලේ.....

පෙන්නා ඔබේ ආලේ.... 
එපා යන්න දුර හැන්ගී
බැරි වෙයි ඉන්න මට නම්
සිතින් වත් තව ළන්වී....

මටත් හොරා මගෙ යටි හිත දින ගනන් කරන්න පටන් අරන්...

සමහරු කියනවා 
අපි දෙන්නා පතාගෙන අව කියලා
මට හිතෙනවා 
මම ඉපදුනෙ ඔයා වෙනුවෙන් කියලා
තිස්සෙම මට ඔයාගෙ කටහඩ අහන්න ආස හිතෙනවා
ගොඩකාලෙකට පස්සෙ මම හරි සතුටින් ඉන්නවා.
තනියම හිනාවෙනවා, තනියම කතා කරනවා.
ඒත් ඔයා හිතයි මට පිස්සු කියලා
නොකිව්වට මම ඔයාට ගොඩක් ආදරේ කරනවා

මටත් හොරා මගෙ යටි හිත දින ගනන් කරන්න පටන් අරන්…..

අද්දුටු ඉඳ්‍රජාල...​.... 1

මන් කලින් දවසේ දාපු පොස්ටුව ඔයාලට මතකයි කියලා මට හිතෙනවා.
අද පල කරන මේ පොස්ටුවෙන් ඔයාලට​

1. ලි කුඩූ වලින් සීනි සැදිම​.
2. වැලි වලින් සීනි සැදිම​.
3. දෙහි ගෙඩියෙන් ලේ ගැනීම​.

යන මැජික් 3ක් තියනවා. කැමති කෙනෙකුට උත්සහ කරන්න පුලුවන්.

පොඩ්ඩා....

Wednesday, 7 August 2013

මා නැති ලොව ඔබ


නිසල ගැන දිය රහස් කොඳුරන
අමාවක සඳ  අදත් ඇවිදින්
කාන්සිය සිත ඇතුලේ තද කොට 
නුබ සමග  එමි අදත් පෙර මෙන් 

ගැබුර නොදකින් නිසල් ගැන දිය 
දෙපා මුල හිඳ   බලයි මා දෙස 
නුබේ වාරුව උරුම වූ විට 
ගැඹුර ගෙන සිත කුමට තැවෙනුද 

එගොඩ  මෙගොඩට සතුට දුක ගෙන 
පැද ගියෙමි දිවි සැඳ වෙන තුරු 
මගේ දිවියට රැය ලබනවිට 
එන්නේ කව්රුද නුබේ තනියට...... 

Tuesday, 6 August 2013

අද්දුටු ඉන්ද්‍රජාල

හැමදාම  කවි ලියන මට වෙන දෙයක ලියන්න ඕනි කම තදින්ම තිබ්බා.

ඔන්න යාලුවනේ  ඊයේ මට හරි ශෝක්  බඩ්ඩක් හම්බ උනානේ. 

වැඩ  ඇරිලා ඊයේ ඉතින් පේරාදෙණියෙන් මාතලේ ට්‍රෙන් එකට නැග්ග වෙලාවේ පටන් ගත්තු කතා පෙට්ටිය නැවැත්තුවේ ස්ටේෂන්  එකෙන් බහින්න යනකොටයි.
ඊටත් පස්සේ  ගෙදර ගිහින් මගේ වැඩේ  අම්මා එක්ක දවසේ සිද්ද වෙන ඔපා දූප දිගරින එක තමයි.
මෙහෙම කියව කියව ඉන්න කොට මාත් ලිප ළඟටම ලංවෙනවා.


ලිප ළඟ කැරකි කැරකි ඉන්නකොට අම්මා ළිපට දන්නා ගත්තු කොලේ ටිකක් වෙනස් නිසා ඒක ඉල්ලගෙන පොඩ්ඩක් බැලුවා.

ඒක පිටු අටක පොතක්. පළල .11.5 cm, දිග 14.5cm . මිල  ශත. 0.75. පොතේ නම "අද්භූත  විජ්ජා" හෙවත්  "අද්දුටු ඉන්ද්‍රජාල" . පොතේ කතුවරයා එච් . ඩබ්ලිව්  නිමල් ප්‍රේමතිලක මහත්මයා.ටිකක් පරණ පොතක්  1959 තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි පිටුව.ඇස්  බැන්දුම් කරන අය නම මේවා දැනටමත් කරනවා ඇති. කරන්න ආස අයට මේ පොතේ තියන ඒවා කරලා පොරවල් වෙන්නත් පුළුවන් වෙයි. 
හිතාගෙන ඉන්නේ ඉක්මනටම මැජික් පොත ඔයාලට පෙන්නයි. 

Monday, 5 August 2013

අකීකරු ප්‍රේමය


ඔබ... මා එපා කියු හැම විටම ඔබේ වන්නට 
උවමනා  උනත්‍ 
ඔහු....  මා  ඔහුගේ  කරගන්නට  වෑයම් කරන  හැමවිට 
මට ඔහුගෙන්  ඇත්  වන්නට සිතෙන
මන්ද .....ඔබ ඔහු නොවන්නේ ..

Wednesday, 31 July 2013

අලුත් බලාපොරොත්තුව


කාලයක් තිස්සේ 

සතුට අහිමි උණු මගේ ලෝකෙට 
කඳුලම තුරුළු කරගත් මගේ හිතට 
හිතන්න අලුත් දෙයක් 
අලුත් හැගීමක් ...
අලුත් බලාපොරොත්තුවක්
ඇතිවෙලා ...
හිත පොඩ්ඩක් නොසන්සුන්...
කාලයට උත්තර  දෙන්න  ඉඩ 
ඇරිය මගේ සිතිවිළි 
පුංචි පුංචි හීන  බලන්න පටන් අරන් .....

Tuesday, 23 July 2013

නුබ එතැයි සිතුවා………….

සිසිල් සුළඟත් උණුසුමයි 
ඔබ ලඟින්  සිටින විට……. 
කඳුළු ගිලිහි නෙතු අගින් 
රිදුන්දෙයි දෙනෙතම………. 
දෙනෙත් මග බලා හිඳී
දකින තෙක් ඔබේ සෙවනැල්ල 
පිපුණු නිදිකුම්බා මල 
යාය  කෙළවර ....
බඹරු එතෙයි සිතමින් 
හිඳී පරවෙන්නට ඉඩ නොදී 
එනමුදු බඹර 
නුඹ එතැයි මට කියා රහසින් 

ගියා  දුර ඉගිළී............

පාලු අහස












සඳ එලිය නොමැති නුබෙ 
පාලු හිස් අහස කුස
සෙනෙහසක් සොයන 
බව දැනෙනවා...........

නුබේ ලොවම එලිය කර 
නුබ ලඟින් හිඳීන්නට
සිතුව මගේ කලේ
මට මැවෙනවා..........  

මගේ ලොවම පාළු  කර 
අලුත් සඳ සොයා ගිය 
මා  සිත වින්ද වේදනා
මැවෙනවා.......... 

නුබේ සිතින් කියන දෙය 
වැටහුනත් මට නිබඳ 
නොතේරුන ලෙසින්
මා  හිඳිනවා ................

Friday, 21 June 2013

පුස් ආතල්......

උදේ කෑම අහවරයි 
පොඩ්ඩක් කම්මැලියි 
ඇත පය දිගැරලා  
සැතපුනොත් හරි සැපයි..... 

මාලිගාව



මහා මෙරක් හීන හිතේ පොඩි බැදන් 
පරිස්සමට රැකගත්තු මගේ ආදරේ 
මාලිගාව හදනකොටම 
මුදු රැල්ල ගෙන ගියා  ඈතකට........

Thursday, 20 June 2013

ආය බැරි වෙයි ලංවෙන්න

සිහිල්  සුලන් වදින විට
හිත යන්නෙ  ඔබෙ උණුසුමට  
මද අඳුර වැටෙන විට
හිත යන්නේ ඔබේ ලගට 
පිනි බින්දු වෙටෙන විට
සිහි වෙන්න ලං වෙන්න පෙරුම් පිරු හැටි 
හීනයක් පමණක්ම උණු මගෙ ආදරේ 
ආය බැරි  වෙයි  ලංවෙන්න කවදවත් 
හිතු මනාපෙට ඇවිදින්න වැව රවූමේ
අත්  පටලගෙන ........

Wednesday, 19 June 2013

ඉඩ දෙන්න හදා ගන්න මගේ ජීවිතය ඔබ නැතිව

වෛර කරන්නේ නෑ  කවදාවත් 
අහිමි  උණු මගේ පෙමට
ඔබට මං   කළ  තරම් 

නොකරන්න ඇති මට ප්‍රේම
ඔබ දකින හැම  විටෙක 

කීරි ගෙහෙන  බිඳුණු හදවත
පාරන්නෙ නැතිව යන්න ඔබ
තෝරාගත් ඔබෙ  ලොවට
පොලබවන්න එපා මා  බලන්නට ඔබෙ  දෑස
ඉඩ දෙන්න හදා ගන්න මගේ ජීවිතය ඔබ නැතිව




Tuesday, 11 June 2013

ළදැරියක් වීමි


ළදැරියක් වීමි මම 
පුරහඳට පෙම් බඳින
කම්මුල් සිඹින ළා සඳ කිරණ...

නෙතු අග දිලෙන සුදු සඳ කිරණ 

ළඟ යැයි  දැණුනි මගේ වෙතැයි  සිතුණි...
විදහා දෑත ගන්නට ළඟට ඒ සඳ පහන
මා  වෙතට


නමුදු ප්‍රිය සබඳ ...
අවසානේ 

කෙදොපුල් තෙමුනි...මගෙ
එනමුදු තවම  ලදරියක් වීමි මම
ඒ  පුන් සඳ ඉල්ලා හඬන..... 

Thursday, 23 May 2013

මගේ ආදරේ

ඔබ හිනැහුනා ,
මා  හිනැහුනා
මට දැනුනේ 
ඔබ මට ආදරෙයි කියා 

දින සති ගනන් ගෙවිලා
ගියා ඔබ කෙරෙහි මාගේ  සිත බැඳිලා  ගියා 
මා  ඔබට ආලේ  කලා ඔබ එය  නොතකා ගියා 

මඳ සුලඟ රළු වී ගියා 
සඳ කෝමලී සැඟවී ගියා 
ළා හිරු  දැඩි  වී ගියා 
මගේ පැතුම් සුනු වී ගියා  

ඔබ නොදැක  ඉන්නට බැරිවී ගියා 
ඔය හඬ නොඅසා ඉන්නට බැරිවී ගියා 
ඔබ මට නොලැබෙන්නේ මන්දැයි කියා  
මා  සිත රැ යාමේ වැළපෙයි  සදා

 දුක් වේදනා  ඉවසා දරා 
මා  ඉන්නේ මගේ කඳුළු හංගා තබා 
කවදාක හෝ ඔබ මා  සොයා එයිතැයි සිතා 
මා  ඉන්නේ නොමැරී තමා 

Thursday, 4 April 2013

හිතාගන්න බෑ

වෙනදා වගේ නෙවේ 
අද ඔයා හරි ලස්සනයි 
ඕක ඉතින්  මට අනිත් උන් ඉස්සරහ කියන්න විදිහකුත් නෑ 
මොකද ට්‍රේන්  එකේ යන සෙට් එක මට කතන්දර හදයිනෙ
වෙනදට වඩා හිනාවෙන්නේ මට පේන්නද කොහෙද 
අහක බලන් ඉන්න හිතුවත් කොහොම හරි නවතින්නේ ඔය ගාවමයි 
හිතවත් කම වැඩි  වෙනවා කියන්නේ මොකක්ද මන්ද 
අප්පෝ අපේ උන දැනගත්තොත්  මං  මලා  වගේ තමයි 
අහන්නත් හිතෙනවා, ඕක ඉතින් ම අහන එක හරි නෑනේ.
එයාට එක තේරෙන්න ඕනි 
කොහෙද මුන්ගේ හරි ආඩම්බරකමනේ 
නොතේරෙනවා වෙන්ටත් බෑ 
මන් අහනකන්ම ඉන්නවා වෙන්ටැති 
අනේ මන්ද චාටර්  වෙයිද 

Thursday, 21 March 2013

දෛවය



හැමදාම මට සරදම් කල දෛවය
ඉතින් ඉන්න දෙන්න මට
තවත් හිරිහැර  නොකර
තනිවෙන්න දෙන්න මට
එ අතීතෙට වැළලෙන්න දෙන්න
එපා නැවතත් මට සිහිවෙන්න
එපා නැවතත්  මා  හමුවන්න


අනේ මට අමතක කරවන්න ඒ  සියලු මතකයන්
තනිවෙන්න දෙන්න මට
කාත් කවුරුත්  නැති  තැනකට
මා ගෙන යන්න
හිත හදා  ගන්න
කියල දෙන්න අලුත් පාඩමක්
ජීවිතයට මුහුන දෙන්න........ 


Monday, 18 March 2013

ලව් චක්‍රය



මගේ හිත ඔබ  ළඟ 
ඔබෙ සිත ඌ  ළඟ 
උගේ සිත ඈ ළඟ 
ඇගෙ සිත මා ළඟ 




Friday, 15 March 2013

සොඳුරු අතීතේ

නිහඬ ඒ නිම්නයේ 
මතක සිතුවම් බැඳී 
පාවිලා  යාවී 
දුර අතීතයේ ......

තාම  මතකේ  මැව් 
ඔබගේ හුරතල් කවී 
ඉතින් නවතින්න ආසයි 
ඒ සොඳුරු අතීතේ .....

එනමුදු මගේ ප්‍රියේ 
පුදුමයකි උනේ 
බිඳුවක් වත් ඔබට මා 
මතක නැතී  උනේ .......

Wednesday, 6 March 2013

බලන් ඉන්නම්

තනි තරුවක් බව දැනුනම
ඕන උනේ ඔයා ලගට යන්න ...
රෑ අහසේ දිලිසෙනකොට 
ඕන උනේ එලිය දෙන්න 
වැටහෙනකොට එලිය තරු මට අයිති කරගනන් බෑ  කියලා 
ඕන උනේ  ඈත් වෙන්න ..මොකද මට පුංචි තරුව දිහා 
ඈතක ඉඳන් බලන් හරි  බලන් ඉන්න පුළුවනන්නේ 
අතට ගන්න ගිහින් ගිලිහෙලා ගියොත් 
රෑ අහසෙවත් මට ඔයාව බලා ගන්න බැරී වෙනවනේ ..........
අහස පිරෙන්න හඳ පෑව්වාත් අහසෙ කොච්චර තරු පෑව්වත් 
පුංචි තරුව ඔය දිහා බලන් ඉන්න ඕනි හැමදාටම  
ඒ  නිසා ආය කවදාවත් හිතන්නේ නෑ.
තරුව  මිටි මොලවගන්න
එත් පුළුවන්ද  හැමදාම පායන්න  මට පෙන මානෙක... 

Friday, 1 March 2013

දුරස් බව


ළගින් හිඳ දෙතොලග සිප ගන්නබැරි උනා .........දුරින් හිඳ නොපෙනෙන්න සිහිකර විදින උණුසුම.............. 

තවම නෑ

බලාන උන්නා 
අදවත් ඔයා මට කතා  කරයි කියලා 
නෙතු පියනොවෙන්න නොදී 
මැදියම් රෑ තෙක් ඇහැරගෙන 
එත් පලක් උනේ නෑ  
හිතේ ඉඩක් නැතිව  ඇති 
මතක පොදක් නැතිව ඇති 
හිතුවෙ නෑ මෙච්චරට රිදයි කියල 
මගෙ හිත 
නෑ  ඔයා busy.... ඇති 
කමක් නෑ 
මං බලන් ඉන්නම් 
මතක් උන දවසට ලගට එයි කියල 
හැමදාම ඉන්නම් මග බලන 
ඔයාගෙ හිත ළඟ නවතින්න.... 

Thursday, 21 February 2013

සරා සඳ නුබ..............



නැගී  සරා සඳ 
එක නිශාව
ක 
කී රහස් දෙනුවන් පුරා
නුබට මතකද නුබ ළගින් හිඳ

මිමිනුවා  දෙනුවන් පුරා
සඳ වතුර වේද තෙමුනු සියොළඟ
 
පිසදැමූ ලවනත එදා
නුබට මතකද කෝලවී මා 
 
පෙමා හෙටි දෑඟිලී පූරා
අදත් ඒ  සඳ නැගී නුබ ගැබ.......
 
නමුදු විල් තෙර  ගොළු වෙලා
මෙන්ම නැත මා තනි රකින්නට
 
ඔබේ උර මත  බර වෙලා ...........