
සඳ එලිය නොමැති නුබෙ
පාලු හිස් අහස කුස
සෙනෙහසක් සොයන
බව දැනෙනවා...........
නුබේ ලොවම එලිය කර
නුබ ලඟින් හිඳීන්නට
සිතුව මගේ කලේ
මට මැවෙනවා..........
මගේ ලොවම පාළු කර
අලුත් සඳ සොයා ගිය
මා සිත වින්ද වේදනා
මැවෙනවා..........
නුබේ සිතින් කියන දෙය
වැටහුනත් මට නිබඳ
නොතේරුන ලෙසින්
මා හිඳිනවා ................
ඔයාට ලස්සනට පද ගෙත්තම කරන්න හැකියි නෙ. පුළු පුළුවන් වෙලාවට ලියන්න. සින්ඩි වල නැත්නම් සින්ඩි වලටත් දාගන්න...
ReplyDeleteස්තුතියි..චන්දන, කොහොමද සින්ඩි වලට දාන්නේ?....
ReplyDeleteමන් ලොකු වැඩ කාරයෙක් නෙවේ. කියලා දෙන්නකෝ ...
මේ පහලින් තියන ලින්ක් වලට ගියාම ඒ අඩවි වල ඇති "අඩවිය ඇතුලත් කරන්න" වගෙ නමකින් තියන ලින්ක් එකක්. ඒක ක්ලික් කලාම එයි ඔයාගෙ විස්තර පුරවන්න තියන පිටුවක්. එතන තියන විස්තර සම්පූර්ණ කරන්න.
DeleteFeed address එකක් ඉල්ලනව නම් http://podawessak.blogspot.com/feeds/posts/default?alt=rss කියල දෙන්න. අනෙක් විස්තර සාමාන්‍ය විදිහට සම්පූර්ණ කරල submit හරි "ඇතුලත් කරන්න" හරි, ඒ විදිහෙ තේරුමක් එන බට්න් එක තෝරන්න.. එයාල බ්ලොග් එක සින්ඩියට ඇතුලත් කලාම මේල් එකකින් දැනුම් දෙයි. හුඟක් වෙලාවට ඒ මේල් එකත් එක්ක එවනව පොඩි කෝඩ් එකක්. ඒක ඔයාගෙ බ්ලොග් එකට දාන්න ඕනෙ.
Blogger dashboard > layout > add gadjet එකක් අරගත්තම එන ලිස්ට් එකේ මැදට වෙන්න ඇති java script කියල. ඒක තෝරා ගන්න. එතනදි ඕපන් වෙන ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලට අර කලින් කිව්ව කෝඩ් එක කොපි පේස්ට් කරල සේව් කරන්න..
add gadjet ගන්න කොට බ්ලොග් dash board වල පහලින් ගන්න.. සින්ඩි වලට ඉල්ලුම් කලාට පස්සෙ ගිහින් බලන්න ඒවට බ්ලොග් එක දාලද කියල. සමහර ඒවයෙ ටිකක් කල් යනව. සමහර ඒව නම් ඉක්මනින් ඇඩ් කර ගන්නව.. මේ සින්ඩි ටිකක්. තව තියනව ගොඩක්..
http://api-apita.blogspot.com/
http://avakashaya.blogspot.com/
http://k-matha.blogspot.com/
http://geek.lk/blogreader/
http://si.hathmaluwa.org/
http://nohimsithuwili.blogspot.com/
http://i-am-a-blog-reader.blogspot.com/
http://maathalangesindiya.blogspot.com/
http://syndi.lankeeya.lk/
http://kottu.org/
http://sandeashaya.blogspot.com/
http://blogs.lahirusblog.com/
http://www.ceylonlanka.info/2013/03/sindi-lanka.html
ස්තුතියි සහෝදරයා...
Deleteමන් මේක කරන්න උත්සහ කරන්නම්