Wednesday 7 August 2013

මා නැති ලොව ඔබ


නිසල ගැන දිය රහස් කොඳුරන
අමාවක සඳ  අදත් ඇවිදින්
කාන්සිය සිත ඇතුලේ තද කොට 
නුබ සමග  එමි අදත් පෙර මෙන් 

ගැබුර නොදකින් නිසල් ගැන දිය 
දෙපා මුල හිඳ   බලයි මා දෙස 
නුබේ වාරුව උරුම වූ විට 
ගැඹුර ගෙන සිත කුමට තැවෙනුද 

එගොඩ  මෙගොඩට සතුට දුක ගෙන 
පැද ගියෙමි දිවි සැඳ වෙන තුරු 
මගේ දිවියට රැය ලබනවිට 
එන්නේ කව්රුද නුබේ තනියට...... 

4 comments:

  1. මගේ දිවියට රැය ලබනවිට
    එන්නේ කව්රුද නුබේ තනියට......

    lassanayi....nirmanathmakai

    ReplyDelete
  2. ස්තුතියි රෙහානි....
    මේ පැත්තට ගොඩවැදුනට.

    ReplyDelete
  3. වෙනද වගේම ලස්සනයි.. :)

    (කලින් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මා. බලන්න පොඩ්ඩක්)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන​...............

      Delete