Tuesday 6 August 2013

අද්දුටු ඉන්ද්‍රජාල

හැමදාම  කවි ලියන මට වෙන දෙයක ලියන්න ඕනි කම තදින්ම තිබ්බා.

ඔන්න යාලුවනේ  ඊයේ මට හරි ශෝක්  බඩ්ඩක් හම්බ උනානේ. 

වැඩ  ඇරිලා ඊයේ ඉතින් පේරාදෙණියෙන් මාතලේ ට්‍රෙන් එකට නැග්ග වෙලාවේ පටන් ගත්තු කතා පෙට්ටිය නැවැත්තුවේ ස්ටේෂන්  එකෙන් බහින්න යනකොටයි.
ඊටත් පස්සේ  ගෙදර ගිහින් මගේ වැඩේ  අම්මා එක්ක දවසේ සිද්ද වෙන ඔපා දූප දිගරින එක තමයි.
මෙහෙම කියව කියව ඉන්න කොට මාත් ලිප ළඟටම ලංවෙනවා.


ලිප ළඟ කැරකි කැරකි ඉන්නකොට අම්මා ළිපට දන්නා ගත්තු කොලේ ටිකක් වෙනස් නිසා ඒක ඉල්ලගෙන පොඩ්ඩක් බැලුවා.

ඒක පිටු අටක පොතක්. පළල .11.5 cm, දිග 14.5cm . මිල  ශත. 0.75. පොතේ නම "අද්භූත  විජ්ජා" හෙවත්  "අද්දුටු ඉන්ද්‍රජාල" . පොතේ කතුවරයා එච් . ඩබ්ලිව්  නිමල් ප්‍රේමතිලක මහත්මයා.ටිකක් පරණ පොතක්  1959 තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි පිටුව.ඇස්  බැන්දුම් කරන අය නම මේවා දැනටමත් කරනවා ඇති. කරන්න ආස අයට මේ පොතේ තියන ඒවා කරලා පොරවල් වෙන්නත් පුළුවන් වෙයි. 
හිතාගෙන ඉන්නේ ඉක්මනටම මැජික් පොත ඔයාලට පෙන්නයි. 

2 comments:

  1. මාත් ආසයි ඉස්සර කාලේ දැන්වීම් දාපු කොල එහෙම බලන්ට අපුර්ව ගතියක් තියෙනවා ඒවයෙ. මොකක්දැයි මේ අවසානෙට කියලා තියෙන්නේ. මැජික් පොත අපිටත් බලන්ට පුලුවන්ද?

    ReplyDelete
  2. ඔව්. මට ඔය අදහස් ආවේ චන්දනගෙන්. ගොඩක් වෙලාවට චන්දනත් ඔය වගේ දේවල් හොයා ගන්නවානේ. ඔව් ඔව් මැජික් පොත හෙමින් සීරුවේ පෙන්න්ම්කො. එකේ මජික් 10ක් විටර තියනවා. කැමති කෙනෙකුට ට්‍රයි කරලා බලන්න පුළුවන්.

    ReplyDelete