අහිමි...
ඔබ ගිය පසු හදා ගන්න
මගෙ අලුත්ම හිත...
ඔහු හමුවන විටදි නැවත
පරණ වෙලා ඇත....
වළාකුලට හිතුන විටදි
වහිනවා ට මිස...
වළාකුලෙන් ගහකට බෑ
වැහි ඉල්ලන්නට...
ඔහුත් නැවත මට පිටුපා
අහක බලන විට....
නැවතත් මට සිහිවෙනවා
ඔබගේ හදවත....
පොදක සිසිල හදමලවෙත
නොවැටෙන යාමෙක...
මම තවමත් තනිව ඉදිමි
මහ කතරක් මැද...
.jpg)
කවදද අළුත් කවියක් ලියන්නෙ ?
ReplyDeleteකවදද අළුත් කවියක් ලියන්නෙ ?
ReplyDelete