Tuesday 24 September 2013

ඔබ තාම නොදනීද​/ ......

සීත සුලන් වැද 
සරු පොලවින් මතු උන 
ඔහේ පවනත වැනෙන 
නේක විසිතුරු මලින් සැදි 
මල් පොකුරකින් 
හමන සුලගට වඩා  

ගිනිගත් සුලි සුලන් මැද්දෙන් 
පතුරු ගැලවෙන කාශ්ටක 
පොලවේ කටු පඳුරු වල් පැල පසාරා 
අහස් ගැබ  සිපගන්න මතු උන 
පුංචි එක මලක සුවඳ  
වඩා වැඩි බව..... 

2 comments:

  1. කදිම අදහසක් නෙව. පිනතූරෙ හිනදා තවත් ලේසි වුනා හැඩතලයක් හිතේ මවා ගන්ඩ.

    ReplyDelete
  2. ස්තුතියි රතී. සාදරෙන් පිලිගන්නවා ඔයාව​. මේ පැත්තට​...... නොකිව්වට ගොඩක් අයගේ අතීතෙ මේ වගේ තමයි.

    ReplyDelete