Thursday 21 March 2013

දෛවය



හැමදාම මට සරදම් කල දෛවය
ඉතින් ඉන්න දෙන්න මට
තවත් හිරිහැර  නොකර
තනිවෙන්න දෙන්න මට
එ අතීතෙට වැළලෙන්න දෙන්න
එපා නැවතත් මට සිහිවෙන්න
එපා නැවතත්  මා  හමුවන්න


අනේ මට අමතක කරවන්න ඒ  සියලු මතකයන්
තනිවෙන්න දෙන්න මට
කාත් කවුරුත්  නැති  තැනකට
මා ගෙන යන්න
හිත හදා  ගන්න
කියල දෙන්න අලුත් පාඩමක්
ජීවිතයට මුහුන දෙන්න........ 


2 comments:

  1. මතකයන් අමතක කරවන්න කාලයත් හොඳ බෙහෙතක්..

    ReplyDelete
  2. ඔව් කාලය විසඳාවි . මතකයන් විතරක් හිතේ රැදේවි

    ReplyDelete