මන් කලින් දවසේ දාපු පොස්ටුව ඔයාලට මතකයි කියලා මට හිතෙනවා.
අද පල කරන මේ පොස්ටුවෙන් ඔයාලට
1. ලි කුඩූ වලින් සීනි සැදිම.
2. වැලි වලින් සීනි සැදිම.
3. දෙහි ගෙඩියෙන් ලේ ගැනීම.
යන මැජික් 3ක් තියනවා. කැමති කෙනෙකුට උත්සහ කරන්න පුලුවන්.
පොඩ්ඩා....
Monday, 12 August 2013
Wednesday, 7 August 2013
මා නැති ලොව ඔබ
නිසල ගැන දිය රහස් කොඳුරන
අමාවක සඳ අදත් ඇවිදින්
කාන්සිය සිත ඇතුලේ තද කොට
නුබ සමග එමි අදත් පෙර මෙන්
ගැබුර නොදකින් නිසල් ගැන දිය
දෙපා මුල හිඳ බලයි මා දෙස
නුබේ වාරුව උරුම වූ විට
ගැඹුර ගෙන සිත කුමට තැවෙනුද
එගොඩ මෙගොඩට සතුට දුක ගෙන
පැද ගියෙමි දිවි සැඳ වෙන තුරු
මගේ දිවියට රැය ලබනවිට
එන්නේ කව්රුද නුබේ තනියට......
Tuesday, 6 August 2013
අද්දුටු ඉන්ද්‍රජාල
ඔන්න යාලුවනේ
ඊයේ මට හරි ශෝක් බඩ්ඩක් හම්බ උනානේ.
වැඩ ඇරිලා ඊයේ ඉතින් පේරාදෙණියෙන් මාතලේ ට්‍රෙන් එකට නැග්ග
වෙලාවේ පටන් ගත්තු කතා පෙට්ටිය නැවැත්තුවේ ස්ටේෂන් එකෙන් බහින්න යනකොටයි.
ඊටත් පස්සේ ගෙදර ගිහින් මගේ වැඩේ අම්මා එක්ක දවසේ
සිද්ද වෙන ඔපා දූප දිගරින එක තමයි.
මෙහෙම කියව කියව
ඉන්න කොට මාත් ලිප ළඟටම ලංවෙනවා.
ලිප ළඟ කැරකි කැරකි ඉන්නකොට අම්මා ළිපට දන්නා ගත්තු කොලේ
ටිකක් වෙනස් නිසා ඒක ඉල්ලගෙන පොඩ්ඩක් බැලුවා.
ඒක පිටු අටක
පොතක්. පළල .11.5 cm, දිග 14.5cm . මිල ශත. 0.75. පොතේ නම "අද්භූත විජ්ජා" හෙවත්
"අද්දුටු ඉන්ද්‍රජාල" . පොතේ කතුවරයා එච් . ඩබ්ලිව්
නිමල් ප්‍රේමතිලක මහත්මයා.ටිකක් පරණ පොතක් 1959 තමයි මුද්‍රණය
කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි පිටුව.ඇස් බැන්දුම් කරන අය නම මේවා දැනටමත් කරනවා ඇති. කරන්න ආස අයට මේ පොතේ තියන ඒවා කරලා පොරවල් වෙන්නත් පුළුවන් වෙයි.
හිතාගෙන
ඉන්නේ ඉක්මනටම මැජික් පොත ඔයාලට පෙන්නයි.
Monday, 5 August 2013
අකීකරු ප්‍රේමය
ඔබ... මා එපා කියු හැම විටම ඔබේ වන්නට
උවමනා උනත්
ඔහු.... මා ඔහුගේ කරගන්නට වෑයම් කරන හැමවිට
මට ඔහුගෙන් ඇත් වන්නට සිතෙන
මන්ද .....ඔබ ඔහු නොවන්නේ ..
Wednesday, 31 July 2013
අලුත් බලාපොරොත්තුව
Tuesday, 23 July 2013
නුබ එතැයි සිතුවා………….
ඔබ ලඟින්
සිටින විට…….
කඳුළු ගිලිහි නෙතු
අගින්
රිදුන්දෙයි දෙනෙතම……….
දෙනෙත් මග බලා හිඳී
දකින තෙක් ඔබේ සෙවනැල්ල
පිපුණු නිදිකුම්බා මල
යාය කෙළවර ....
බඹරු එතෙයි සිතමින්
හිඳී පරවෙන්නට ඉඩ නොදී
එනමුදු බඹර
නුඹ එතැයි මට කියා
රහසින්
ගියා දුර ඉගිළී............
පාලු අහස
Subscribe to:
Posts (Atom)





.jpg)
