පොද වැස්සක්
Friday 21 June 2013
පුස් ආතල්......
උදේ කෑම අහවරයි
පොඩ්ඩක් කම්මැලියි
ඇත පය දිගැරලා
සැතපුනොත් හරි සැපයි.....
මාලිගාව
මහා මෙරක් හීන හිතේ පොඩි බැදන්
පරිස්සමට රැකගත්තු මගේ ආදරේ
මාලිගාව හදනකොටම
මුදු රැල්ල ගෙන ගියා
ඈතකට........
Thursday 20 June 2013
ආය බැරි වෙයි ලංවෙන්න
සිහිල් සුලන් වදින විට
හිත යන්නෙ ඔබෙ උණුසුමට
මද අඳුර වැටෙන විට
හිත යන්නේ ඔබේ ලගට
පිනි බින්දු වෙටෙන විට
සිහි වෙන්න ලං වෙන්න පෙරුම් පිරු හැටි
හීනයක් පමණක්ම උණු මගෙ ආදරේ
ආය බැරි වෙයි ලංවෙන්න කවදවත්
හිතු මනාපෙට ඇවිදින්න
වැව
රවූමේ
අත් පටලගෙන ........
Wednesday 19 June 2013
ඉඩ දෙන්න හදා ගන්න මගේ ජීවිතය ඔබ නැතිව
වෛර කරන්නේ නෑ
කවදාවත්
අහිමි
උණු මගේ පෙමට
ඔබට
මං
කළ තරම්
නොකරන්න ඇති මට ප්‍රේම
ඔබ දකින
හැම
විටෙක
කීරි ගෙහෙන බිඳුණු හදවත
පාරන්නෙ නැතිව යන්න ඔබ
තෝරාගත්
ඔබෙ
ලොවට
පොලබවන්න එපා මා බලන්නට
ඔබෙ
දෑස
ඉඩ දෙන්න හදා ගන්න මගේ ජීවිතය ඔබ නැතිව
Tuesday 11 June 2013
ළදැරියක් වීමි
ළදැ
රියක් වීමි
මම
පුරහඳට
පෙම් බඳින
කම්මුල් සිඹින
ළා සඳ කිරණ...
නෙතු අග දිලෙන
සුදු සඳ කිරණ
ළඟ යැයි දැණුනි
මගේ වෙතැයි සිතුණි...
විදහා දෑත
ගන්නට ළඟට
ඒ සඳ පහන
මා වෙතට
නමුදු ප්‍රිය සබඳ ...
අවසානේ
කෙදොපුල් තෙමුනි...මගෙ
එනමුදු තවම ලදරියක් වීමි මම
ඒ පුන් සඳ ඉල්ලා හඬන.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)